Gossips

ක්‍රීඩා ඇමතිගේ ඇරයුම අරවින්දත් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා උපදේශකයෙකු ලෙස එක්වන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කල ආරාධනය අරවින්ද ද සිල්වා ද ක්‍රීඩා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා සංගක්කාරට, මුරලිට, මහේලට, මහානාමට සහ අරවින්දටද ආරාධනා කළා.
ඔවුන් සියලු දෙනාම ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීම විශේෂත්වයක්.
හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළා.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු පෙන්වා දෙන්නේ මීට පෙරද තමන් ක්‍රිකට් උපදේශක මණ්ඩල වල කටයුතු කර ඉදිරිපත් කල නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක නොවූ බවයි.
ක්‍රීඩාවේ වෙනසක් දැකීමට නම් එහි පරිපාලනයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුවිය යුතු බව එම ලිපියෙන් පෙන්වා දෙනවා.