Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පැපිලියාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයායි.
අද අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන 24 හැවිරිදි නිවුන් සොහොයුරන් දෙදෙනෙක්.
ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර සහ ජයවික්‍රම කංකානම්ගේ ධනුෂ්ක කුමාර ලෙසට එම සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තංගල්ල බලා රැගෙන යන බවයි පොලිසිය කියාසිටියේ.
පසුගිය 12 වනදා රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් කිරිවෙහෙර විහාරාධිපති හිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලැබු අතර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලක තවදුරටත් ප්‍රතිකාර ලබනවා.