Gossips

යුරෝපා පාර්ලිමේන්තුවේ අසාදු ලේඛණයකට ශ්‍රී ලංකාවත්

යුරෝපා පාර්ලිමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් යෙදවීමේ අධික අවදානමක් සහිත අසාදු ලේඛනගත රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබෙනවා.
ඒ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතු ලෙස දක්වමින්.
යුරෝපා කොමිසම විසින් මුදල් විශුද්ධිකරණයට හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමට අදාළ අධික අවදානම් සහිත රටවල් ලැයිස්තුව වරින්වර යාවත්කාලීන කරනු ලබනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ ට්‍රිනිඩෑඩ් හා ටුබැගෝ රාජ්‍යයන් අසාදු ලේඛනගත කිරීමට අදාළ යෝජනාව පසුගිය 7 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.