Gossips

පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක – හිටපු ජනපතිගෙන් චෝදනා

රට පුරා අපරාධ රැල්ලක් පැවතියද පොලීසිය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වරකාපොල ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකදී.
වරකාපොල – තල්ලියැද්ද ආනන්ද බෝධි විවේක සෙනසුන විහාරස්ථානයේ තෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීම අද සිදුකෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.