Gossips

බසයකින් මත්කුඩු ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමක්

පොළොන්නරුව – බැදිවැව ප්‍රදේශයේදී මත්කුඩු රැගෙන බස් රථයක ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී පොලීසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු සැකකරු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
කොළඹ සිට කදුරුවෙල දක්වා හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පොළොන්නරුව විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් අද පස්වරුවේ හබරණ ප්‍රදේශයේදී අදාළ බස් රථය පරීක්ෂා කර තිබෙනවා.
නිලධාරීන් බස් රථය නවතා පරීක්ෂා කිරීමේ දී එක් සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකු සමග පොරබදා තිබෙනවා.
එහිදී නිලධාරියෙකු සතු පිස්තෝල අවිය ක්‍රියාත්මක වී එම සැකකරුට වෙඩි වැදී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
තුවාල ලබා ඇත්තේ සෝමාවතිය පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.
අනෙක් සැකකරු මින්නේරිය හේන්යාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සතුව තිබී මත්කුඩු පැකට් 10 ක් පමණ සොයා ගෙන තිබෙනවා.
පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.