Gossips

ගම් පෙරළිය ඉදිරි සති දෙක තුළ

ගම තුළ සංවර්ධනයේ දැවැන්ත පෙරළියක් සිදුකෙරෙන ‘‘ගම් පෙරළිය’’ වැඩසටහන ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව – ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් රටක් මෙන්ම දරුවන්ට හොඳ රටක් ගොඩනැගීම පිළිබදව පූජ්‍ය පක්ෂය, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත ජනතාවටම පොදු වගකීමක් පැවරී ඇති බවයි.
ඒ සඳහා රට සහ ජනතාව වෙනුවෙන් කඩිනම් පෙළ ගැස්වීමක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.