Gossips

නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

මොණරාගල – මැදගම – බකිනිගහවෙල ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී නීතිවිරෝධීව ගවයින් 17 දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ ගවයින් ප්‍රවාහනය කරමින් සිටි අදාළ ලොරි රථය නවත්වන ලෙසට පොලීසිය සංඥා නිකුත් කර තිබෙනවා.
පසුව එහි රියදුරු පොලිස් අණ නොතකා රථය ධාවනය කිරීමේදී ලොරි රථය ලූහුබැද ගොස් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
එම අවස්ථාවේ ලොරි රථයේ සිටි ගවයින් 17 දෙනෙකු පොලිස් භාරයට ගත් අතර එහි සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මැදගම සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්.