Gossips

ත්‍රස්ත ප්‍රහාර වළක්වන්න අයිෆල් කුලුණට ආරක්ෂක වැටක්

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීම වැළැක්වීම සඳහා පැරිස් නුවර පිහිටි ඓතිහාසික ස්මාරකයක් වන අයිෆල් කුලුණ වටා ඉදිකළ ආරක්ෂක වැට ලබන මාසයේදී විවෘත කිරීමට ප්‍රංශ බලධාරීන් සූදානම්.
2016 වසරේ ජුනි මාසයේදී අයිෆල් කුලුණ වටා තාවකාලික වැටක් ඉදිකළ අතර දැන් එහි ඉදිකර ඇත්තේ ස්ථීර ආරක්ෂක වැටක්.
ඒ සඳහා යුරෝ මිලියන 35ක් වැය කර ඇති බවයි පැරිස් වාර්තා සඳහන් කළේ.
අඩි 10.6ක් උසැති ලෝහමය වැටකින් මෙන්ම අඟල් දෙක හමාරක් ඝනැති වීදුරුවලින් මෙම ආවරණය සමන්විතයි.
2015 වසරේ සිට ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 240කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ වසරේදී පමණක් අයිෆල් කුලුණ නැරඹීමට මිලියන 7ක් පමණ සංචාරකයන් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි.