Gossips

කිම් ජොං අන්ගේ දුරකථන අංකය ට්‍රම්ප්ට

පසුගිය සතියේ සිංගප්පූරුවේ පැවති උතුරු කොරියානු සමුළුවේදී එරට නායක කිම් ජොං අන් සිය පෞද්ගලික දුරකථන අංකය තමා වෙත ලබාදුන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ෆොක්ස් නිව්ස් රූපවාහිනී සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ඕනෑම අවස්ථාවක තමා අමතන ලෙස කිම් ජොං අන් පැවසූ බවයි.
ඒ අනුව හෙට දිනයේදී ඔහු ඇමතීමට අදහස් කරන බව ද ජනපති ට්‍රම්ප් සඳහන් කළා.