Gossips

ගෝන මස් කිලෝ 20ක් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ ගෝන මස් කිලෝග්‍රෑම් විස්සක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ වෙළඳසැලක් අසල ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම දීර්ඝකාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය ඇති බව සඳහන්.
වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරු අද (16) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.