Gossips

අධ්‍යාපන ස්ථාන මාරුවීම් ගැන ගැටළුවක්

අධ්‍යාපන පරිපාලන සේවය නියෝජනය කරන තෝරා ගත් විදුහල්පතිවරුන්ට පමණක් නොව අධ්‍යාපන සේවයේ එම ශ්‍රේණියේ සියලුම නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම් ලබාදිය යුතු බව ගුරු සංගම් පෙන්වා දෙනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ස්ථාන මාරුවීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද අදාළ වන බවයි.
වසර 8කට වඩා වැඩි කාලයක් එකම පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් 23 දෙනෙකු මාරු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවට වාර්තා පළ වුණා.
වසර 10කට වැඩි කාලයක් ජාතික පාසල්වල පරිපාලනය කළ විදුහල්පතිවරුන් ස්ථාන මාරුකිරීමේ චක්‍රලේඛය මෙතෙක් ක්‍රියාත්මක නොකළ තත්ත්වයක් තුළ නව තීරණය ගෙන ඇති බවයි අදාළ වාර්තාවල දැක්වුණේ.
ඒ අනුව මීට දින කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යවා තිබුණා.
කෙසේ වෙතත්, ගුරු සංගම් පවසන්නේ මෙවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් එය විදුහල්පතිවරුන් කණ්ඩායමකට පමණක් නොව එම ශ්‍රේණියේ සියලු පරිපාලන නිලධාරීන්ට අදාළ විය යුතු බවයි.