Gossips

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (16) දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පස්වරු දෙකෙන් පසුව ගිඟුරුම් සහිත තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම උතුරුමැද පළාතේ මෙන්ම මොණරාගල, යාපනය, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.