Gossips

සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව

විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කොළඹ මට්ටක්කුලියේ පිහිටි සාගර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් සැපයීම පිණිස බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල මෙතෙක් භාවිතයට නොගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
සාගර විශ්වවිද්‍යාලය රැකගැනීමේ පෙරමුණ නමැති සංවිධානයක් විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට අවධානය යොමු කරමින් සඳහන් කරන්නේ මෙම ගනුදෙනුවේදී අති විශාල දුෂණයක් සිදුව ඇති බවයි.
අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.