Gossips

දරුවෙක් බිහිකළ 13 හැවිරිදි පාසල් දැරිය

13 හැවිරිදි දැරියක් පාසලේ දී ඇතිවූ හදිසියේ අසනීප තත්වයක් මත රෝහල් ගත කිරීමෙන් අනතුරුව බිළිදෙකු බිහිකළ පුවතක් හම්බන්තොට,රන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය 11 වනදා දැරියට පාසලේ දී ඇතිවූ හදිසියේ අසනීප තත්වයකින් අනතුරුව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමන් පසු ඇය අටමස් ගැබිණියක බවට අනාවරණය වී තිබෙනවා.
ඒ වනවිටත් අසාධ්‍ය තත්වයේ පසුවූ දැරියට, කුසයේ සිටි දරුවා බිහිකිරීමට ශල්‍යකර්මයක් සිදුකර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ හුංගම පොලිසිය සැකපිට රන්න, කහදමෝදර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අඟුණුකොළපැලැස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා අදාල දැරියගේ මාමා කෙනෙකු බවයි හුංගම පොලිසිය ප්‍රකාශ කළේ.
අසාධ්‍ය තත්වයේ පසුවූ බාලවයස්කාර දැරිය මේ වනවිට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.