Gossips

ජනවාරියේ තේ මිලේ කැපී පෙනෙන වර්ධනයක්

මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට තේ මිල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.
කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක් සදහා ලැබුණු සාමාන්‍ය මිල රුපියල් 640 යි ශත 5ක් වන අතර එය පෙර වසරට වඩා රුපියල් 43යි ශත 79ක වැඩිවීමක් බවයි තේ තැරැව්කරුවන් සදහන් කළේ.
ඉහළ කඳුකරයේ, මැදි කලාපයේ සහ පහත රට යන තල තුනෙහිම තේ වර්ගවලට ඉහළ මිලක් හිමිවී ඇති අතර එහිදී වැඩිම මිල වර්ධනයක් දක්නට ලැබෙන්නේ ඉහළ කඳුකරයේ තේ වර්ගවලයි.