Gossips

ජනපති අපේක්ෂා, හිටපු ජනපති තීරණය කරන බව ගෝඨාභය කියයි

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මහනුවර – ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් අද බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, ඇතැම් සිදුවීම් සඳහා ක්‍රියාත්මක වීමේදී පසුගිය පාලන සමය තුළ යම් යම් අඩුපාඩු සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ – අකුරල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති පළාත් පාලන ආයතන නියෝජිත හමුවකට එක්වෙමින්.