Gossips

පෝරතොට මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු අතුරුදන්

කොච්චිකඩේ – ඒත්තුකාල – පෝරතොට මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් 5 දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේම පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.
දිය නෑමට ගිය සිසුන් 5 දෙනා අතුරින් සිව් දෙනෙකු දිය නෑම සඳහා මුහුදට බැස ඇති අතර, එහිදීයි දෙදෙනෙකු මෙලෙස අතුරුදන් වී ඇත්තේ.
මුදා ගත් සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.