Gossips

යාපනයේ පාසල් සිසුවෙකු නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියයයි

යාපනය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැසිකිළිය තුළදී සිසුවෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඔහුගේ මළ සිරුර ඊයේ (14) රාත්‍රියේ පොලීසිය සොයා ගෙන ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ අදාළ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සිසුවෙක්.
ඔහු යාපනය උරුම්බිරායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
මෙම සිසුවාගේ මව ද මීට වසර කිහිපයකට පෙර ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර, පසුව පියා වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවයි කයිට්ස් පොලීසිය සඳහන් කළේ.
පසුව මෙම සිසුවා අදාළ විද්‍යාලයේ නේවාසිකාගාරයට ඇතුළත් කළ ද එහි රැදී සිටීමට අකමැති බව පවසමින් අවස්ථා කිහිපයකදීම ඉන් පලාගොස් තිබෙනවා.
ඒ අතරතුර ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.