Gossips

රජිව් ඝාතකයන්ට නිදහස ලබාදීම ඉන්දීය ජනපති ප්‍රතික්ෂේප කරයි

හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කරන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය කළ ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශය මත එම තීරණයට එළඹුණු බවයි ඉන්දීය ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ශ්‍රීධරන් හෙවත් මුරුගන්, පේරරිවාලන්, ශාන්තන්, ජයකුමාර්, රොබට් පයාස්, රවිචන්ද්‍රන් සහ නලිනි එලෙස රජිව් ඝාතනය වෙනුවෙන් සිර දඬුවම් විදින 7 දෙනායි.
දැනටමත් 20 වසරකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින ඔවුන්ට මානුෂීය හේතූන් මත නිදහස ලබාදෙන ලෙසයි තමිල්නාඩු රජය ඉල්ලීමක් කර තිබුණේ.
කෙසේ නමුත්, ඉන්දීය මධ්‍යම රජය, තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මතය හා එකඟ නොවන බව ජනාධිපති රාම් නාත් කෝවින්ද් දැනුම් දී තිබෙනවා.