Gossips

කොදෙව්වන් සිංහයන්ගේ ඉනිම වනසද්දී නොසිතූ ලෙස තනිවූ චන්දිමාල් ඉනිම ඔසවයි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවන ටෙස්ට් තරගය ශාන්ත ලූසියා දිවයින්හි දී ඊයේ (14) ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පිලට මුල් ඉනිම සදහා සියලූ ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 253 ක් පමණයි.
එහිදී දිනේෂ් චන්දිමාල් සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 45 යි. කොදෙව් පිල වෙනුවෙන් ෂැනන් ගේබ්‍රියල් ලකුණු 59 කට කඩුලූ 5ක් බිද හෙලූ අතර, කෙමර් රෝච් ලකුණු 49 කට කඩුලූ 4 ක් බිද හෙලූවා.
ඊයේ දිනය නිමා වනවිට කොදෙව් පිල සිය මුල් ඉනිම සදහා කිසිවෙකු නොදැවී ලකුනු 2 ක් ලබා සිටියා.
ඊයේ තරඟයේ ලොවම බැලූ සුවිශේෂ අවස්ථා පහතින්.
rnrnrn
rnrnrnrn
rnrnrnrn