Gossips

එල්.ටී.ටී.ඊ යට මුදල් රැස් කළ 13 දෙනෙකුට ස්විස් අධිකරණයෙන් නිදහස

එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කළ ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ 13 දෙනෙකුට සිරදඩුවම් නියම කිරීම ස්විට්සර්ලන්ත මධ්‍යම අපරාධ අධිකරණය ඊයේ (14) ප්‍රතික්ෂේප කළා.
ඔවුන් 13 දෙනාට අත්හිටවූ සිරදඩුවම් හෝ නිදහස් කිරීමටයි පියවර ගැණුනේ.
ඒ එල්.ටී.ටී.ය වෙනුවෙන් මුදල් රැස් කිරීම නිසා නොව වෙනත් වංචනික කටයුතුවල නිරත වීම හේතුවෙන්.
කෙසේ නමුත්, අපරාධ සංවිධානයකට සහය දැක්වූ බවට එල්ල වන චෝදනාවලින් සියලූම සැකකරුවන් නිදහස් කිරීමටයි ස්විස් මධ්‍යම අපරාධ අධිකරණය තීන්දු කළා.
මෙම සැකකරුවන් ඩබ්ලිව්.ටී.සී.සී හෙවත් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානයේ සාමාජිකයන් බව සදහන්.
කෙසේ නමුත්, එම සංවිධානය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සම්බන්ධය ප්‍රමාණවත් ලෙස තහවුරු වී නොමැති බව ස්විස් මධ්‍යම අධිකරණයේ මතයයි.
එමෙන්ම, එල්.ටී.ටී.ඊ සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස හැදින්වීම සදහා ශක්තිමත් සාක්ෂි ප්‍රමාණවත් ලෙස නොතිබූ බව තමන්ට හැගී යන්නේ යැයි ද එහි විනිසුරුවන් සදහන් කළා.
ස්විස් මධ්‍යම නීතිපතිවරිය මෙම එල්.ටී.ටී.ඊ අනුගාමිකයන්ට මාස 18 සිට වසර 6 දක්වා සිරද`ඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ අපරාධ සංවිධානයකට සහය ලබාදීම වංචා, දූෂණ සහ මූල්‍ය විශුද්ධිකරණය ඇතුළු චෝදනා යටතේයි.
එමෙන්ම, ඔවුන් ස්විට්සර්ලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවෙන් බලහත්කාරයෙන් මුදල් එක්රැස් කළ බවට ද නීතිපතිවරිය කරුණු ඉදිරිපත් කළා.
එල්.ටී.ටී.ඊ සංවිධානය ස්විට්සර්ලන්තය තුළ නියෝජනය කරන්නේ ඩබ්ලිව්.ටී.සී.සී හෙවත් ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව බව එහිදී ඇය පෙන්වා දුන් තවත් කරුණක්.
එමෙන්ම, ළමා සොල්දාදුවන් සන්නද්ධ කළ එල්.ටී.ටී.ඊ ය, අල්කයිඩා ඇතුළු අනෙක් ත්‍රස්ත සංවිධානවලට මූලබීජ සැපයූ බවයි ස්විස් නීතිපතිවරිය කියා සිටියේ.