Gossips

පොලිස් අපයෝජකයා හඳුනා ගනී

වැලිඔය පොලිස් ස්ථානය තුළදී අත්අඩංගුවේ සිටි 15 හැවිරිදි බාලවයස්කාර දරුවා අපයෝජනයට ලක් කළ පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීමට අදාළ දරුවා විසින් සමත් වී තිබෙනවා.
ඒ, සැකකාර පොලිස් කොස්තාපල්වරයා හඳුනා ගැනීම සඳහා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (14) පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදීයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් කොස්තාපල්වරයා මේ මස 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළා.
අපයෝජනයට ලක්වූ බව කියන දින අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැලිඔය පොලිස් ස්ථානයේ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කර ඇති බවටයි ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ.
තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට මෙම දරුවා පසුගිය මැයි මස 08 වැනිදා අත්අඩංගුවට පත්වන අතර, එදින රාත්‍රියේ අදාළ අපයෝජනය සිදුව ඇති බව සදහන්.