Gossips

ඇමරිකාව, දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස දින නියමයක් නොමැතිව කල් දමයි

දකුණු කොරියාව සමග පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස නියත වශයෙන්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමග පැවැත්වූ සාකච්ඡාවලදී ලබාදුන් පොරොන්දුවට අනුකූළවයි.
මෙම පියවර ඇමරිකානු සහ උතුරු කොරියානු හමුදා දශක ගණනාවක් තිස්සේ පැවැත්වූ සහයෝගිතාවයේ කැපී පෙනෙන වෙනසක් බව විචාරකයන්ගේ අදහසයි.
කෙසේ නමුත්, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි තුරන් කරනතුරු ඊට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළා.