Gossips

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවා තැනින් තැනට මාරු වෙයි

කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාරගේ රැදී සිටින ස්ථාන සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඒ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුවයි.
කෙසේ වෙතත්, පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ මේ වනවිට ඔහු විවිධ ස්ථානවල රැදී සිට පලාගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, සම්බන්ධ අනෙක් සැකකරුවන්ද හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කළා.
මේ අතර, වෙඩි ප්‍රහාරයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.