Gossips

ජනපති අපේක්ෂක නම් කරන්නේ අවසන් මොහොතේ – 16 කණ්ඩායමෙන් ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා නම් කරන්නේ අවසන් මොහොතේ බව 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටි අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මැදිහත් වුණා.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණියා.