Gossips

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.
තරගය බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි ශාන්ත ලුසියා හිදී පැවැත්වෙනවා.
කෙසේවෙතත් තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
මේ හේතුවෙන් තරගය ආරම්භය තවත් ටික වේලාවක් ප්‍රමාද විය හැකි බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත සහ ලහිරු කුමාර එක්ව සිටිනවා.