වැල්ලවාය නෙලුවගල ප්රදේශයේ පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්රී මෙම අලියා මියගොස් ඇති අතර නිවසකට ජලය ලබාගන්නා ජල මෝටරයකට ඇද තිබු විදුලි රැහැනක ගැටී එම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙය හිතා මතා සිදු කළ දෙයක් ද යන්න හෙළිකර ගැනීම සඳහා පරීක්ෂණ ක්රියාත්මකයි.
මියගොස් ඇති වන අලියා වයස අවුරුදු 25 ත් 30 ත් අතර වයසක පසුවන බව වනජීවී නිලධාරීන් ප්රකාශකර තිබෙනවා.
වැල්ලවාය ප්රදේශයේ අලි මිනිස් ගැටුම මේ වන විට උග්ර අතට පත්වී ඇති අතර ප්රදේශයේ වගාබිම් රැසක් ද වන අලි විසින් විනාශකර ඇතැයි සඳහන්.
මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය සහ වැල්ලවාය අඩවි වන නිලධාරී කාර්යාලය පරීක්ෂණ සිදු කරනවා.
ඡායාරූප – වැල්ලවාය ජයන්ත වීරසේකර