මේ දිනවල දැඩි අවධානයක් යොමුව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගුරුවරුන්ට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාසලේදී දරුවෙකුට ඉන්ෆ්ලූවෙන්සා අවදානම් රෝග ලක්ෂණ පවතින්නේ නම් දෙමව්පියන් දැනුවත් කර රෝහල් ගත කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මේ අතර, පැය 24 පුරා ක්‍රියාත්මක 0710 107 107 සුවසැරිය ක්ෂණික දුරකථන සේවා අංකය ඔස්සේ විශේෂ වෛද්‍යවරුන් ඍජුවම සම්බන්ධ කර ගෙන ඉන්ෆ්ලූවෙන්සා රෝගය සහ ප්‍රතිකාර පිලිබඳව උපදේශන සේවාව ලබා ගත හැකියි.