Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද

හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කර ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතයි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඥාණසාර හිමියන් අදාළ චෝදනාවලට වරදකරු බව තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග උන්වහන්සේට දඩුවම් නියම කිරීම අද දක්වා කල් තබනු ලැබුවා.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව දැනට රිමාන්ඞ් භාරයට පත් කොට ඇති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස එවකට කටයුතු කළ දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණයට පැමිණ අපහාස වන අන්දමින් බැණ වැදී තිබුණා.
පසුව උන්වහන්සේ අධිකරණය තුළ සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කර තිබූ අතර, ඇය මේ පිළිබඳව හෝමාගම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.