Gossips

නිරිතදිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ අද සිට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.