Gossips

කෝටි ගණනක් මකර කටට යවන මාර්ග ව්‍යාපෘතිය

අද හිරු සී.අයි.ඒ.අනාවරණය රුපියල් කෝටි ගණනක් මකර කටට යවමින් පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ සිදු කෙරුණු මාර්ග ව්‍යාපෘතියක් පිළිබඳවයි.
2016 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ආධාර යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිට ඉදිකිරීම් අවසන් මට්ටමේ පවතින මෙම මාර්ගයේ තත්ත්වය සොයා බලන ලෙස ප්‍රදේශවාසීන් හිරු සී.අයි.ඒ.වෙත පසුගියදා ඉල්ලීමක් කළා.
ඒ අනුවයි හිරු සී.අයි.ඒ.කණ්ඩායම මාර්ගයේ ඉදිකිරීම් පිළිබදව සොයා බැලීමට අදාල ප්‍රදේශයට ලගා වුයේ.
ප්‍රදේශවාසීන් එහිදී පෙන්වා දුන්නේ පුපුරා අබලන්ව ඇති බෝක්කුවක් මතින් කාපට් ඇතිරීමට සුදානම් කර ඇති බවයි.