Gossips

අපරාධ අඩුවී ඇතැයි කැබිනට් ප්‍රකාශක කියයි

මේ වනවිට රටේ අපරාධවල අඩුවක් දක්නට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වී ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡාවට ලක්වුණා.