Gossips

රුපියල් ලක්ෂ 24 වටිනා රත්‍රං තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද(09) පෙරවරු 8.30 පමණ මෙම කාන්තාව චෙන්නායි බලා යාමට පැමිණ ඇති අතර එහිදී ඇයගේ ගමන් මල්ලේ සඟවා තිබු රත්‍රං කැබලි 4ක් සොයා ගනු ලැබුවා.
එහි බර ග්‍රෑම් 400 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 24 කට ආසන්නයි.
සැකකාර කාන්තාව 35 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි රේගුව ප්‍රකාශ කළේ.