නීතීය ක්‍රියාත්මක කිරිමට බාධා කිරීමේ චෝදනාවට වරදකරුවන් වු මාලදිවයිනේ හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයුම් සහ එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ්ට මාස 18ක සිර දඩුවමක් නියමකර තිබෙනවා.
එමෙන්ම තවත් විනිසුරුවරයෙකුට මෙම සිර දඩුවම පනවා ඇති අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙය හෙළා දකිමින් සඳහන් කර ඇත්තේ දේශපාලන පලිගැනීමක් මත අදාළ දඩුවම ක්‍රියාත්මක කර ඇති බවයි.