ඇමරිකාව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවීම රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව උතුරු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා.
සිංගප්පූරුවේදී උතුරු කොරියානු නායකයා හමුවූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ඇමරිකාවට පැමිණ ඇති අතර, හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මීට පෙර සිදුකළ ප්‍රකාශයක් සිහිපත් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කළා.
උතුරු කොරියාව තම රටට ඇති භයානකම ගැටළුව බව ඔබාමා ප්‍රකාශ කර තිබූ අතර, දැන් එය අවසන්.
අද රාත්‍රියේ සුවසේ නිදන්න යනුවෙන් ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩය මගින් රටවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.