Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකට (ඡායාරූප)

ජනාධිපතිවරයාගේ උපදෙස් මත හම්බන්තොට මහ රෝහලේ සිට ගුවන් මගින් කොළඹට වැඩම කරවූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී උන්වහන්සේ ශල්‍යකර්මයකටද භාජනය කළ බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා සඳහන් කළේ.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට තීරණය කෙරුණා.




ඡායාරූප – සූරියවැව නුවන් ජයසේකර / අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර