Gossips

විදුලිය සොරෙන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග

විදුලි මණුවලට සූක්ෂම අන්දමින් හානි පමුණුවා වංචනික ලෙස විදුලිය ලබාගත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් හයලක්ෂයකට අධික වන්දි මුදලක් ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සැකකාර ව්‍යාපාරිකයා විසින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර ඇති අතර, එමඟින් විදුලිබල මණ්ඩලයට රුපියල් 606,487 ක පාඩුවක් සිදුව ඇති බවයි විදුලිබල මණ්ඩලය ඊයේ (12) මාළිගාකන්ද අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව සැකකරුට රුපියල් දස දහසක දඩයක්ද ගෙවන ලෙසද මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල නියෝග කළා.