Gossips

ගමට යන ජනතාවට විශේෂ ප්‍රවාහන පහසුකම්

ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් ජාතික ගමනාගමන කොමිසම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිලිවෙලක් දියත් කර තිබෙනවා.
ගමනාගමන කොමිසමේ සභාපති එච්.හේමචන්ද්‍ර ප්‍රකාශ කළේ ඊයේ (08) රාත්‍රියේ සිට බැස්ටියන් මාවත පෞද්ගලික බස් රථ අංගනයේ සිට දුර පළාත් වෙත ධාවනය සඳහා අමතර බස් රථ 200 ක් පමණ යොදවා ඇති බවයි.
මගී තදබදය වැළැක්වීම සඳහා අද(09) දිනයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ සිට අතිරේක බස් රථ 102 ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යොදවා තිබෙනවා.
අද සහ හෙට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන අතර, මගී තදබදයක් ඇතිවුවහොත් අතිරේක දුම්රිය ධාවනය සඳහා එක් කරන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.