Gossips

ඕස්ට්‍රේලියාවේදී ගම්මන්පිළගේ පුත්‍රයා රිය අනතුරක

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මේ මස 19 වනදා සිට මසක කාලයක් විදෙස් ගතවීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව අද අවසර ලබා දුන්නා.
ඒ අනුව ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසටයි නියෝග කළේ.
තමාගේ අවුරුදු 10ක් වයසැති පුත්‍රයා ඕස්ට්‍රේලියාවේදී රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටින බැවින් ඔහුව බැලීම යාම සඳහා අවසර ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇත්තේ.