Gossips

ගිනි අවි 4ක් සමඟ පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට

මොණරාගල – කොටියාගල – හැවනේවල ප්‍රදේශයේ පොලීසිය සිදුකළ හදිසි වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 4ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, සතුන් දඩයම් කිරීමේ අරමුණින් සැකකරුවන් මෙලෙස ගිනි අවි ළඟ තබාගෙන සිට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
මොවුන් ප්‍රදේශයේ රක්ෂිත තුළ සැරිසරන සතුන් දඩයම් කර මස් අලෙවි කරන බවට ඇතිමලේ පොලීසිය වෙත තොරතුරු ලැබී තිබූ අතර, ඒ අනුව අදාළ වැටලීම සිදුකර තිබෙනවා.
මේ අතර, කලාවැව ජාතික උද්‍යානයේ මුවෙකු ඝාතනය කළ පුද්ගලයෙකු ගිනි අවි දෙකක් සමඟ අද අලූයම ගල්කිරියාගම වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.