Gossips

කිරිවෙහෙර නාහිමියන් සැත්කමින් පසු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම සිදුකළ සැත්කමෙන් පසු හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ධනුෂ්ක පෙරේරා කියා සිටියේ නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී ඇති බවයි.
නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ රාත්‍රියේයි.
මේ අතර, අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු කියා සිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.