Gossips

මැතිව්ස් යළි දිවයිනට

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයක නිරතවී සිටින ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.
පෞද්ගලික කාරණාවක් මත මැතිව්ස් යළි මෙරටට පැමිණි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
මේ හේතුවෙන් බොහෝ දුරට ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙක අහිමි වී යන බවයි වාර්තා වන්නේ.
මේ අතර දෙරට අතර පළමු තරඟයේදී පන්දුවෙන් දස්කම් පෑ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ අබාධයකට ලක්ව ඇති බවයි කොදෙව් දේශයෙන් වාර්තා වන්නේ.
ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු ගමගේ වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.