Gossips

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවූවා.
කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
බොහෝ දෙනෙක් මහත් ආදරයෙන් වැලඳගත් ගීතාවලියක සංගීත නිර්මාපකයා වූයේ සිරිල් පෙරේරා මහතායි.
ඒ අතර සේපාලිකා, හුදෙකලා විරාමයේදි, මී පැනි රහසක්, කුස පබාවතී, නන්දනීය පෙම, වඩාත් ජනප්‍රිය වූවා.