Gossips

පැරණි මිලට භූමි තෙල් දෙන්න – ජවිපෙ

ඉන්ධන පෙර පැවති මිලටම ලබාදෙන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති රජයෙන් ඉල්ලීමක් කරනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ භූමිතෙල් මිල ඉහළ දැමීම තුළ ධීවර ජනතාව බරපතල ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි.
මේ අතර, බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයද ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවමින් භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් ධීවරයන්ට අත්ව ඇති ඉරණම පිළිබඳව අදහස් පළ කළා.
කෙසේ වෙතත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී භූමිතෙල් මිල රුපියල් 70 දක්වා පහළ දැමීමට තීරණයට කළ බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා.