Gossips

ජනපති අපේක්ෂකයින් හතරදෙනෙකු ගැන ඒකාබද්ධයේ සාකච්ඡා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් හතරදෙනෙකු පිළිබඳව මේ වනවිට සාකච්ඡා සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරාජයට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ.