Gossips

කාලගුණ වෙනසට විසඳුම් සොයන්න චන්ද්‍රිකා

ලෝක කාලගුණ වෙනස නිසා මතුවී ඇති ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට බ්‍රිතාන්‍යය ඉදිරිපත් වී සිටිනවා.
නිරන්තරයෙන් සිදුවන ජල ගැලීම්, නියඟ, සුළි කුණාටු සහ උණුසුම් වා දහරා මෙන්ම, මිහිතලය උණුසුම් වී ධ‍්‍රැව අයිස් දියවී යාමත් කාලගුණ වෙනස නිසා සිදුවන්නක්.
මේ හේතුවෙන් මෙම අනපේක්ෂිත කාලගුණ රටාවන් අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා රැසක් ස්ථානගත කිරීමටයි බ්‍රිතාන්‍ය සැරසෙන්නේ.
ඒ සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 38 ක් ආයෝජනය කිරීමට එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සිය පියවර ගෙන තිබෙනවා.
එමගින් අප්‍රිකානු රුවන්ඩාවේ නියඟය, කොළොම්බියාවේ වන විනාශය මෙන්ම, ඉන්දුනීසියාවේ ලැව් ගිනි මෙන්ම, කාලගුණ වෙනසින් පැසිෆික් සාගර දිවයින් වලට වන බලපෑම ද කඩිනමින් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.