ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පසුගිය දා පැවති සාකච්ඡාවේදී දේශපාලන කරුණු කිසිවක් සාකච්ඡා නොවූ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්රකාශ කළා.
මෙම හමුව සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ ධූරයෙන් විශ්රාම ගැනීමට නියමිත ඇමරිකානු තානාපතිවරයා ඊට පෙර සාම්ප්රදායානුකූලව හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බවයි.
පැය දෙකකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවති අතර, 2015 වසරේ අගෝස්තු මාසයේ සිට මෙරට ඇමරිකානු තානාපති ධුරයේ කටයුතු කළ අතුල් කේශප් වසර 3ක සිය සේවා කාලය නිම කර ලබන අගෝස්තු මාසයේදී යළි ඇමරිකාව බලා පිටත්ව යනු ඇති.
ඉන් අනතුරුව මෙරට ඇමරිකානු තානාපතිවරිය ලෙස පත්වීමට නියමිතව ඇත්තේ නේපාලයේ දැනට ඇමරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරන අලියානා බී. ටෙප්ලිට්ස්.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඇය ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපතිනිය ලෙස පසුගිය මැයි 25 වන දා නම් කරනු ලැබූ අතර, ඊට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.