Gossips

ජනපති මාධ්‍ය ඒකකයෙන් පැහැදිලි කිරීමක්

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් සමඟ පැවති සාකච්ඡාවේදී එරට සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික වෙබ් අඩවියක කර්තෘවරයා මෙරටට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා කිසිදු ඉල්ලීමක් සිදුනොකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළ වූ ලිපියක් පිළිබදව කරුණු පැහැදිලි කරමින් එමගින් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ වෙබ් අඩවියේ කර්තෘවරයා හෝ වෙනත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා නොසිටි බවයි.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවයි අදාළ සති අන්ත ඉංග්‍රීසි පුවත්පත වාර්තා කළේ.