Gossips

වර්ජනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ දෙකක් සිරවේ

තමන් ඊයේ (11) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ දෙකක් පමණ සිර වී ඇති බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බදවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලා තැපැල් වෘත්තීය සමිති 24ක් මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ (11) පස්වරු 4 සිටයි.
මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට ද තැපැල්පතිවරයා පියවර ගත්තා.
මෙම වර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් සියලුම සේවකයින් එක්ව සිටිනවා.
ගැටළුවලට විසඳුම් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුමිකරු චින්තක බණ්ඩාර කියා සිටියේ.