Gossips

අවි පෙන්වා මුහුණු පොතේ වීරයන් වූ, තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට

කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව මුහුණු පොතේ ඡායාරූප පළ කළ තරුණයන් 4 දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දඹුල්ල – කණ්ඩලම – කැප්ඇල ප්‍රදේශයේ පදිංචි 16 ත් 21 ත් අතර වයස්වල පසුවන්නන්.
එම තරුණයන් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන ආකාරයෙන් හැසිරෙන බවට සහ පහරදීමක් සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම තරුණයන් මුහුණු පොතේ උල් ආයුධ ද අතැතිව ඡායාරූප පලකොට ජනතාව බිය වද්දා ඇති බවයි.
සැකකරුවන්ට දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැඩි ලෙස අවවාද කොට පසුව මුදා හැර තිබෙනවා.